ඩිජිටල්කරණයේ ආයෝජන දාමය Blockchain


ඩිජිටල්කරණයේ ආයෝජන දාමය
Blockchain


අද අපි කතා කරන්න යන්නේ Blockchain තාක්ෂණය පිළිබදවයි.                    
මොකක්ද මේ Blockchain කියන්නේ,
Satoshi Nakamaoto විසින් 2008 දී පලමු වරට හදුන්වා දුන් Blockchain තාක්ෂණය අද වන විට මූලික ක්‍රම 03ක් භාවිතා වෙනවා. මේ ක්‍රම 03 නම්,
01.           පුද්ගලික Blockchain
02.           සමූහව්‍යාපාර Blockchain
03.           පොදු Blockchain

පොදු Blockchain හි  Bitcoin සංකල්පය බහුලව භාවිතා කරයි. Blockchain  එකක් යනු Cryptography  සමග සම්බන්ධ වන Blocks නමින් හදුන්වන වර්ධකය වන දත්ත ලැයිස්තුවකි.

විමධ්‍යගත බෙදා හරින ලද පොදු පරිගණක ජාලයක දත්ත සටහන් ගොඩක් එකතු උනාම Blockchain එකක් හැදෙනවා.
අලුතින් transaction එකක් වෙද්දි block අලුතින් එකතු වෙනවා. සරලව කිව්වොත් මේ  block කිහිපයක් එකතු වෙලා ලෙජරයක් හැදෙනවා.මේ වගේ ලෙජර කිහිපයක් එකතු වෙලා blockchain  එක හැදෙනවා.

මොහොතින් මොහොත මේ  Blockchain එකට අලුතින් transaction (දත්ත ලැයිස්තු) එකතු වන නිසා මේ Blockchain  එක දිනපතාම වර්ධනය වෙමින් පුළුල් වෙනවා.

අලුත් block එකක් එකතු වු විට ජාලයක තිබෙන සියලුම පරිගණක update එක පිළිබදව දැනුවත් වෙනවා.

මේ Blockchain එක කියන්නේ එකවර පරිගණක කිහිපයක පවතින විමධ්‍යගත පරිගණක දත්ත ශාඛාවක් කියලා සරලව කියන්නත් පුළුවන්.



සෑම block එකකටම කාලරාමුවක් තිබෙන අතර අලුතින් එකතු වන සෑම block එකකටම පෙර block එකක් සමග සම්බන්ධතාවයක් ද තිබෙනවා. මෙනිසා තමයි මේක දාමයක් විදියට එකිනෙකට බැදිලා තියෙන්නේ.

Blockchain හී වාසි පිළිබදවත් අපිට කතා කරන්න පුළුවන්

Blockchain එකක පවතින දත්ත වෙනස් කරන්න හෝ මකා දැමිය නොහැකියි. එනිසා දත්ත වල නිවැරදිතාවය පවතිනවා.

ජාලගත පරිගණක මගින සිදුවන ගණුදෙනුවලට මිනිස් මැදිහත් වීම අවම නිසා දත්තවලට ආරක්ෂාවද ලැබෙනවා

නමුත් Blockchain හි රහසිගතතාවය හා ආරක්ෂාව කෙරෙහි විවිධ වු ගැටළු පවතින අතර ඒවා අවම කිරිමට පියවර ගැනීමට බෝහෝ  developers ලා පරීක්ෂණ පවත්වමින් පවතියි.







Comments

  1. Lucky Club Casino Site Review – Is This a Safe Site for
    Read our Lucky Club Casino Review before you play. The number of live dealers luckyclub you can play at the casino also grows. The casino's  Rating: 4.5 · ‎Review by LuckyClub

    ReplyDelete

Post a Comment