HongMeng මෙහෙයුම් පද්ධතිය Android සහ MacOS වලට වඩා වේගවත්ද ?

Huawei හි CEO පසුගියදා  කියා සිටියේ  එහි HongMeng මෙහෙයුම් පද්ධතිය iOS සහ macOS වලට වඩා වේගවත් වනු ඇති බවයි.



Huawei සමාගම  මෑතකදී නිවේදනය කළේ ඇන්ඩ්‍රොයිඩ් මත යැපීම අඩු කිරීම සඳහා තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් වන “HongMeng OS”  නිපදවන බවයි.

U.S. government එක Huawei සමාගමේ නිශ්පාදන දැනට මාස කිහිපයකට ඉස්සෙල්ල blacklisted කරා කියල ඔයාලට මතක ඇති.

නමුත් මෑතකදී, එක්සත් ජනපද රජය විසින් Huawei සඳහා පනවා තිබුණු  වෙළඳ තහනම අර්ධ වශයෙන් ඉවත් කරන තියනව, එමනිසා දැන් ගූගල් ඇතුළු එක්සත් ජනපද සමාගම් සමඟ නැවත ව්‍යාපාර කිරීමට Huwawei සමාගමට ඉඩ සැලසෙනව.

කෙසේ වෙතත්, එවැනි තහනම් කිරීම් ඔවුන්ගේ ව්‍යාපාරයට බලපෑමක් නොවන බව සහතික කිරීම සඳහා සමාගම තවමත් තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් සමඟ ඉදිරියට යාමට Huawei සමාගම සැලසුම් කල්ල තියන බව පවසනවසනව.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆා ප්‍රංශ සඟරාවක් වන LePoint (WCCF Tech හරහා) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ සමාගමේ HongMeng OS පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් වෙනුවට ආදේශ කිරීමට වඩා වැඩි බවයි.

network switches, routers, data centers, smart home devices, autonomous vehicles සහ තවත් බොහෝ උපාංග හරහා අන්තර් සම්බන්ධතා ගොඩනගීමට මෙහෙයුම් පද්ධතිය භාවිතා කළ හැකිය. මීට අමතරව, එය ලැප්ටොප් සහ පරිගණකවලද භාවිතා කළ හැකිය.

රෙන්ට අනුව, HongMeng OS සැකසුම් ප්‍රමාදය මිලි තත්පර පහකට වඩා අඩු වන අතර එය ගූගල් ඇන්ඩ්‍රොයිඩ් පමණක් නොව ඇපල් සමාගමේ මැකෝස් වලට වඩා වේගවත්.

කෙසේ වෙතත්, Android සහ iOS යන දෙකටම ශක්තිමත්   මෘදුකාංග පරිසර පද්ධතියක් (Google Play , App Store) ඇති බැවින් ශක්තිමත් මෘදුකාංග පරිසර පද්ධතියක් පෝෂණය කිරීමේදී  HongMeng OSට දුෂ්කර කාර්යයකට මුහුණ දී සිටින බව රෙන් පිළිගත්තේය. කෙසේවෙතත්, සමාගම වැඩි Developers ල ආකර්ෂණය කර ගැනීම සඳහා යෙදුම් වෙළඳසැලක් සක්‍රියව ගොඩනඟමින් සිටින බව ඔහු පැවසීය.

HongMeng OS මේ වසරේ චීනයේ දියත් කරන බව වාර්තා වන අතර ඊළඟ වසරේ මුලදී වෙනත් වෙළඳපොලවල් දියත් කරන බව වාර්තා වනවා. Huawei සමාගමේ මීලග Smart phone එක වන Mate 30 Pro HongMeng පද්ධතිය මත යැපෙන බවට කටකතා පතිරිල තියනව. එසේ වුවහොත් ඉක්මනින්ම Smart Phone ලෝකයේ නවමු අත්දැකීමක් විදින්න අපිට පුලුවන් වෙයි.

Comments

  1. 1xbet korean online casino with no deposit bonus
    1xbet korean online casino with no deposit bonus. If you are going to have a lot of options, you 메리트 카지노 can go to 1xbet at 1xbet korean the 인카지노 moment. 1xBet korean

    ReplyDelete

Post a Comment

Popular Posts